මෛත්‍රී – චන්ද්‍රිකා සුසංයෝගයෙන් අලුත් සංධානයක් . . .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යෝජනා කර ඇති බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නව සන්ධානයද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම යෝජනා වී ඇති බවද එහෙත් එහි ලේකම් දූරය සම්බන්ධයෙන් පවතින ගැටලුවක් නිසා පුටුව ලකුණ යටතේ පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම භාවිතා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුලු සන්ධානයේ හිටපු පක්ෂ කීහිපයක් එකතු වීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තාවේ.

නිමල් ලංසා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නව සන්ධානයද මෙම සන්ධානයට එක්වනු ඇති බවද වාර්තාවේ.

  • මුදිතා දයානන්ද
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සල්ලි නෑ . . . පර්මිට් නෑ . . .

Sat Jan 27 , 2024
පාර්ලිමේන්තුවේ  මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක්  විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි  පාර්ලිමේන්තු  ආරංචි මාර්ගවලින් පැවසේ. මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ  විශාල මුදලක් වැය කරමින් බවත් බොහෝ අය මෙම වියදම්වූ මුදල ආවරණය කරගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන  වාහන බලපත්‍රයෙන් බවත් පැවසේ. වාහන බලපත්‍රය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x