ලංකාවට කුණු මාළු නෞකාවක් . . .

සීෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් ගත් නෞකාවක තිබූ නරක් වූ මාළු අඩංගු බහාලුම් 98ක් කාබනික පොහොර සෑදීමට බව කියමින් මෙරටට ගොඩ බා ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වී ඇත.

එම නෞකාව මෙරටට ගෙන ඒමට කටයුතු කළ මෙරට නියෝජිතයා සතුව සැමන් කර්මාන්ත ශාලාවක් පවතින බවත් නෞකාවේ තිබු නරක් වූ මාළු අඩංගු බහාලුම් 04කට සිදු වූ දෙයක් නොමැති බවත් එහි දී වැඩිදුරටත් හෙළි වී තිබේ.

නෞකාවට වරයේ ගොඩ බෑම සඳහා බලපත්‍රයක් ලබා දී ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ආනයන අපනයන පාලක ජනරාල් ටී.ටී.උපුල්මලී ප්‍රේමතිලක පැවසුවේ, මෙම බලපත්‍රය මත්ස්‍ය අපද්‍රව්‍ය සඳහා නිකුත් කර ඇති බවයි.

මාර්තු 05 වැනි දා මීට අදාළ සියලු රාජ්‍ය ආයතන කැඳවා මේ පිළිබඳ වැඩිදුරටත් සොයාබලන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බිල්වාල් භූතෝ පාකිස්තානයේ අගමැතිධුරය ඉල්ලයි . . .

Sat Jan 27 , 2024
පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වයේ ප්‍රධානියා වන නවාස් ශෙරීෆ් සිව්වැනි වරටත් අගමැතිවරයා ලෙස පත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බවත්, ආර්ථික අර්බුදයට ලක් වී ඇති පාකිස්තානය ගොඩගැනීමට තම පක්ෂයට වරක් ප්‍රමාණවත් බවත් බිල්වාල් භූතෝ ලබන මස 8 වැනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය වෙනුවෙන් පැවැති රැලියකදී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. පාකිස්තානයේ හිටපු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x