සනත් නිශාන්තගේ රියදුරුගේ දුරකතනය රහස් පොලිසියට . . .

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හා ඔහුගේ ආරක්ෂකයා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුර හේතුවෙන් එම රථය පැදවූ රියදුරාගේ ජංගම දුරකථනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

අදාළ අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුත්තක් සඳහා විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් මෙසේ එම දුරකථනය සිය භාරයට ගෙන ඇත.

රියදුරා මේ වන විට එළැඹෙන පස් වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

රියදුරා අනතුර සිදුවීමට පෙර දින ‘තම මරණය’ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ සටහනක් හේතුවෙන් මෙම දුරකථනය පොලිස් භාරයට ගෙන තිබේ.

මේ වන විටත් රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන එම රියදුරාගෙන් රහස් පොලීසිය විසින් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කරන්නේ අදාල රියදුරා සමාජ මාධ්‍යවල පල කර තිබූ සටහනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

චමින්දට මාදිවෙලින් යන්න කියයි . . .

Sat Jan 27 , 2024
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ  නිවාසයෙන්  ලබන මස 10 වැනිදාට පෙර ඉවත්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් සමගි ජනබලවේගයේ  බදුලු  දිස්ත්‍රික්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  චමින්ද විජේසිරි ට දැනුම්දී ඇත. චමින්ද විජේසිරි පෞද්ගලික හේතුවක් මත  සිය මන්ත්‍රී ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය. මන්ත්‍රීවරයකු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වූ පසු  මාදිවෙල මන්ත්‍රී නිල  නිවාස සංකීර්ණයෙන් ඉවත්වීමට මාසයක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x