පරුෂ වචනයෙන් පොලිසියට පාට් දැමූ තරුණියක් අත්අඩංගුවට . . .

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් යැයි කියමින් කාන්තා පොලිස් සැරයන්වරියකට පහරදුන් 31 හැවිරිදි කාන්තාවක් ගන්දර පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

ගන්දර පොලිසියේ ත්‍රිරෝද රථයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ස්ථානය කරා පැමිණ සිටියෙදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් පොලිස් ත්‍රිරෝද රථය අනතුරට ලක් කිරීමට උත්සාහ දරා ඇත.

මෙම කාන්තාව අධික වේගයෙන් පැමිණ තිබෙන බවත්, ඇයට වේගය පාලනය කරගත නොහැකිව අනතුරට ලක්වීමට ගිය බවත් ගන්දර පොලිසිය සදහන් කරයි.

මෙම අවස්ථාවේදී පොලිස් ත්‍රිරෝද රථයේ පැමිණි නිලධාරීන් කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේ තමන් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණිය බවත්, ඔස්ට්‍රේලියාවේ පදිංචිකාරිනියක මෙන්ම නීතිඥවරියක බවත් පවසා මෝටර් රථයේ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති.

පසුව මෙම කාන්තාව ත්‍රිරෝද රථයේ පැමිණි කාන්තා පොලිස් සැරයන්වරියගේ පපු ප්‍රදේශයට වැළමිටෙන් පහරදී ඇති අතර, ඇය ප්‍රතිකාර සදහා මාතර රෝහල වෙත ඇතුළත් කර ඇත.

පොලිස් ත්‍රිරෝද රථයේ පැමිණි පොලිස් සැරයන්වරුන් දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවකු ඉදිරිපත් කර පැමිණෙමින් සිටියෙදී මාතර රෝහලේ කාන්තාවකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ගිය කාන්තා පොලිස් සැරයන්වරිය ද ත්‍රිරෝද රථයට ගොඩ වී ඇත.

කෙසේ වෙතත් පොලිස් නිලධාරිනියට පහරදීමේ චෝදනාව මත 31 හැවිරිදි මෙම කාන්තාව ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඇය ගැන කරන ලද වැඩිදුර විමර්ශන වලදි ඇයගේ මව කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක නොව විශ්‍රාමික කාන්තා පොලිස් පරීක්ෂකවරියක බව අනාවරණය වී ඇත.

සැකකාරිය අද (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

– එෆ්. අස්ලම්
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දේශිය ඖෂධ සමාගම් අතුගා දැමීමේ උත්සාහයක් . . .

Mon Jan 29 , 2024
ජාතික ඖෂධ නියාමන අධිකාරිය දේශිය ඖෂධ සමාගම් සඳහා පමණක් සුවිශේෂී සීමා කිරිම් සිදු කිරීම තුළින් දේශිය නිෂ්පාදන අතුගා දැමීමේ වැඩපිළිවෙලක් දියත් වන්නේදැයි සැකයක් මතුව ඇතැයි පරිපුරක වෛද්‍ය වෘත්තියවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි. දේශිය ඖෂධ නිෂ්පාදනය සඳහා ව්‍යාජ ලිපි නිකුත් කර ඇති බවට සඳහන් කරන්නේ එම බලමණ්ඩලයද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ වෛද්‍ය සැපයුම් අංශය ජාතික ඖෂධ නියාමනඅධිකාරියේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x