කැළණිය සරසවි බිම උණුසුම් වෙයි . . .

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350කට වැඩි පිරිසක්  විශ්වවිද්‍යාල පරිපාල ගොඩනැගිල්ල වටකරමින් විරෝධතාවක නිරතව සිටියි.

ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (29) රාත්‍රියේ උද්ඝෝෂණයක් සිදුකළ අතර මෙම උද්ඝෝෂණය විසුරවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

ඒ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.

මේ වන විටත් සිසුන් 350කට වැඩි පිරිසක් විරෝධතාවට එක්ව සිටින බව වාර්තා වෙයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සජබේ රැලියකට අධිකරණයෙන් තහනම් නියෝගයක් . . .

Tue Jan 30 , 2024
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසකට මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ වීදි කිහිපයක වාහන ගමනාගමනයට බාධා කිරීම තහනම් කරමින් කොළඹ අංක 04 මහේස්ත්‍රාත් අද (30) අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙයි. ඒ අනුව මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියෙන් ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවත, ජයන්ත විරසේකර මාවත, මිල්ටන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x