මෝටර් රථ කාර්යාලයේ විශාල තදබදයක් . . .

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් වාහන ලියාපදිංචිය, මාරු කිරීම ඇතුළු සේවා ගැනීමට ජනතාව විශාල පිරිසක් හිටිහැටියේ පැමිණීමෙන් එම දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තදබදයක් අද (31) පෙරවරුවේ නිර්මාණය වී තිබුණි.

පොලිස් සී.සී.ටී.වී. කොට්ඨාසය රථ වාහන වැරදි නිරීක්‍ෂණය කර වාහනයේ ලියාපදිංචි අයිතිකරුට දඩ යොමු කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමත් සමඟ මෙම තදබදය ඇති වූ බවත් වාහන ආනයනය අත්හිටුවීමෙන් පසුව මෙවැනි ජනතාවක් සේවා ගැනීමට පැමිණි පළමු අවසථාව මෙය බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම කාර්යාලයෙන් සේවා ගැනීමට එන සියලු දෙනාට ප්‍රමාදයකින් තොරව සේවා සැපයීමට කටයුතු කරන බව කී එම නිලධාරියා ලිපි පරීක්‍ෂාව ඇතුළු කටයුතු සඳහා කාර්ය මණ්ඩලයට ජනතාව කාලය දියයතු බවත් එම නිලධාරියා කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොලිස් ජල ප‍්‍රහාරක රථයක් ගිනිගනී . . .

Wed Jan 31 , 2024
පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයේ නතර කර තිබූ ජල ප්‍රහාරක රථයක් හදිසි ගිනි ගැනීමට ලක්ව ඇත. ගින්න ඇතිවීමත් සමඟ නිලධාරින් විසින් ගින්න පාලනය කර ඇති අතර ඇති අතර ගිනි ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත. ගිනි ගැනීමට හේතුව විමර්ශනයෙන් පසු මහජන සාමය කළමනාකරණ කොට්ඨාශය වාර්තා කරන ලෙසට දැනුම් දී තිබේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x