ඇසුරු සැණින් අතුරුදහන් වූ ‘කෙහෙලිය ගෝ ගම’ . . .

කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ‘කෙහෙළිය ගෝ ගම’ නමින් විරෝධතා ගම්මානයක් ඊයේ පස්වරුවේ හදිසියේම පිහිටුවන ලදී.

එම විරෝධතාවය ආරම්භ කරන ලද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ‘කෙහෙළිය ගෝ ගම’ බැනරද පොලිසිය භාරයට ගෙන ඇත.

ප්‍රශ්නගත එන්නත් වංචාව සම්බන්ධයකයෙන් කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් මෙසේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

මේ අතර අදාළ එන්නත් වංචා නඩුවට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නැයි දෙවන වතාවටත් රහස් පොලිසිය වෙත නීතිපතිවරයා විසින් දැනුම්දී ඇත.

ඒ අනුව අද දිනයේ පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස රඹුක්වැල්ල ට අපරාධ පරීක්ෂණ කොට්ඨාශය දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු කිහිපයක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නොහැකි වූ බවත් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලූ බවත් ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අමරවීර හා සුමතිපාල ඉල්ලා අස්වෙති . . .

Thu Feb 1 , 2024
මහින්ද අමරවිර සහ තිලංග සුමතිපාල  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. එම ඉල්ලා අස්විමේ ලිපි ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දී ඇති බව වාර්තා වෙයි. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන ට එම සන්ධානයේ විධායක සභාව කැඳවීමට බලයක් නොමැති බව සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x