මාර්ක් සකර්බර්ග් සමාව අයදි . . .

අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැදවා තිබූ කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

ඔහු එලෙස කැඳවා තිබුනේ, සමාජ මාධ්‍ය මගින් දරුවන්ට සිදුවන හානිය පිළිබදව කරුණු දැක්වීම සදහාය.
එම කමිටුව හමුවට මාර්ක් සකර්බර්ග්ට අමතරව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහක ප්‍රධාන විධායක නිලධාරීන් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැය 4කට අධික කාලයක් සිදු කළ කරුණු දැක්වීම්වලදී අනාවරණ වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඇතුලු විවිධ ගැටලු‍වලට මුහුණ දීමට වැඩි ඉඩක් පවතින බවයි.

සමාජ මාධ්‍ය සමාගම් ඔවුන්ගේ වේදිකාවල පළ කර ඇති කරුණු සඳහා ගිණුම්ගත කිරීම අරමුණු කරගත් නීති සම්පාදනය දැනට කොන්ග්‍රසය හරහා සිදුවෙමින් පවතී.

සමාජ මාධ්‍ය මගින් තම දරුවන්ට හානි කළ බව පවසන පවුල්වලින් එහිදී සකර්බර්ග් සමාව අයැද තිබේ. ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පවත්වාගෙන යන සකර්බර්ග් අදාළ ශාලාවේ පවුල් දෙස හැරෙමින් මෙම සමාව ඉල්ලීම සිදු කර ඇත.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙළිය CIDයට පැමිණෙයි . . .

Fri Feb 2 , 2024
ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් නිපදවා රජයට අලෙවි කර මහා මුදල් ජාවාරමක් සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ ඔහුට එහි පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඊයේ (01) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරීම හේතුවෙනි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x