හොරෙන් ගෙනා වාහන රාජසන්තක කරන්න . . .

රේගු බදු නොගෙවා හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ දත්ත මකා දමමින් සාමාන්‍ය මෝටර් රථ ලෙස ලියාපදිංචි කළ රුපියල් මිලියන 200ක් පමණ වටිනා ” සුඛෝපභෝගී වාහන” දෙකක් වහාම අත්අඩංගුවට ගෙන රාජ සන්තක කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (06) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරමින් දන්වා සිටියේය.

අදාළ සුඛෝපභෝගි වාහන දෙක 2005 වසරේදී මෙරටට ආනයනය කර ඇති අතර සාමාන්‍ය මෝටර් රථ දෙකක් ලෙස ලියාපදිංචි කරමින් සුඛෝපභෝගි වාහන වලින් වාර්ෂිකව රජයට අය විය යුතු බදු මුදල්ද   අහිමි කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටිමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

රේගුවට හොර රහසේ වාහන ආනයනය කිරීමේ හේතුවෙන් රුපියල් මිලියන 140 ක රේගු බද්දක් රජයට අහිමි වී ඇති බවද වාර්ෂිකව එක් වාහනයකින් රුපියල් 25000.00 බැගින් සුඛෝපභෝගී බද්ධ ද රජයට අහිමි වී ඇති බවද කොමිසමපෙන්වා දුන්නේය.

එම කොමිසමේ සහකාර අධ්‍යක්ෂ (නීති) නීතිඥ සම්බන්දප්පෙරුම කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.

2005 වසරේ සිට මෙලෙස හොර රහසේ ආනයනය කළ  සුඛෝපභෝගී වාහන එකසිය පනහකට අධික ප්‍රමාණයක් මේ වන විට  අනාවරණය කරගෙන තිබෙනවා. එමගින් රුපියල් කෝටි පන්සියයකට අධික පාඩුවක් රජයට සිදුව තිබෙනවා.

මෙලෙස හොර රහසේ ආනයනය කළ රථයක්, ත්‍රීවිල් රථයක අංකයකට ලියාපදිංචි කිරීමෙන් රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන මෝටර් රථ ප්‍රවාහන  දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධති වැඩසටහන් සම්පාදක ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට අප කටයුතු කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධි චෝදනා 60ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇති අතර රජයට පාඩු කරමින් අල්ලස් පනතේ 70 වගන්තිය කඩකර දූෂණය යන වරද සිදු කිරීමට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා KA1190 මොන්ටේරෝ වර්ගයේ ජීප් රථය සහ KA 1520 toyota වර්ගයේ ජීප් රථය ලබන දහතුන් වැනි දිනට පෙර අත්අඩංගුවට ගෙන රේගුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රාජසන්තක කරන ලෙසට නියෝග කළේය.

  • රෝෂන් තුෂාර

 


Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලෙලි කජු ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය . . .

Tue Feb 6 , 2024
මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාවය මෙට්‍රික්ටෝන් 25000ක් පමණ නමුත් දැනට දේශීය වශයෙන් සපයා ගත හැක්කේ මෙට්‍රික් ටොන් 12500ක් බව රජය පවසයි. පසුගිය කන්නයේ අපේක්ෂිත අස්වැන්න නොලැබීම හේතුවෙන් මෙරට කජු කර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් අවාසිදායක තත්වයක් ඇතිවී තිබේ. ඉදිරි වසර හතරක කාලයේදී දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාල සීමාවේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x