ලොතරැයි වර්ජනය දිගටම . . .

ලොතරැයි සඳහා මෙතෙක් දුන් ශත 50 ක කොමිස් මුදල අඛණ්ඩව දෙන ලෙස ඉල්ලමින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය හෙට (8) දිනයේ ද ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් අද (7) පස්වරුවේ පැවසීය.

වර්ජනය අවසන් කළේ යැයි ලොතරැයි ආයතන දෙකම බොරු ප්‍රචාර සමාජගත කරමින් සිටින බවත් මෙතෙක් දුන් ශත 50 ක කොමිස් මුදල ඉල්ලා අනිද්දා (9) කොළඹ කොටුවේදී විරෝධතාවක් පවත්වන බවත් එම නියෝජිතයා වැඩි දුරටත් කීය.

සමස්ත ලංකා ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවූයේ යැයි එම සංගමය දැනුම් දුන් බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඊයේ පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

වර්ජනය සති දෙකකට කල් දමන බව ද දන්වා ඇති බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කීය.

ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 40 දක්වා ඉහළ දමන විට ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ කොමිස් මුදල රුපියල් 3.75 සිට රුපියල් 7.50 ක් දක්වා ඉහළ නැංවූ බවත් ඒ අවස්ථාවේදී විශේෂ දීමනාවක් ලෙස දුන් ශත 50 ක කොමිස මුදල පමණක් අත්හිටුවා ඇති බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මේ අවස්ථාවේදී එම විශේෂ දීමනාව දියනොහැකි යැයි ඔවුන්ට පැවසූ බව ද සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සොහොන් කොතක් රුපියල් 180,000/= . . .

Wed Feb 7 , 2024
කොළඹ මහ නගර සභාව විසින් සොහොන් කොතක් සඳහා අය කරන ගාස්තුව ක් ඉහළ දමා තිබේ. ඒ හේතුවෙන් කොළඹ නාගරිකයන්ට මරණය ද වියදම් අධික කටයුත්තක් වී ඇත. වර්ග අඩි දෙකක සොහොනක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 180,000 දක්වා නගර සභාව විසින් ඉහළ දමා ඇත. මෙම ප්‍රමාණයේ කුඩා ඉඩක මිහිදන් කළ හැක්කේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x