දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක් . . .

දුර ගමන් සේවා දුම්රියවල ආසන වෙන්කිරීම සඳහා අලුතෙන් හඳුන්වා මාර්ගගත ක්‍රමවේදය ගැටලු සහගත බව දුම්රිය මගීන් චෝදනා කරති.

කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් රැසක් ඊයේ මේ හේතුවෙන් අපහසුතාවට පත්ව තිබේ .

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සාමාන්‍ය මගීන් සහ රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට පියවරක් ලෙස පසුගියදා පළමුවරට මාර්ගගත ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ සහ මාර්ගගතව දුම්රිය ආසන වෙන්කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේය.

ඒ අනුව එලෙස ඔන්ලයින් ආසන වෙන්කරගත් මගීන්ට ටිකට්පත් වෙන්වී තිබුණද දුම්රිය ස්ථානයට පැමිණ ආසන වෙන්කරවා ගැනීමට පැමිණි පසු ඇතැම් මගීන්ට දැන්ගන්නට ලැබී ඇත්තේ තමන්ට ආසනයක් වෙන්ව නොමැති බවය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලිස් මූල­ස්ථා­නය කොම්ප­ඤ්ඤ­වී­දියට . . .

Sat Mar 16 , 2024
පොලිස් මූල­ස්ථා­නය දැනට පිහිටි කොළඹ කොටු­වෙන් ඉවත් කර ගුවන් හමුදා මූල­ස්ථා­නය පැවති කොම්ප­ඤ්ඤ­වී­දියේ ගොඩ­නැඟි­ල්ලට රැගෙන යෑමට නිය­මි­තය. අක්කර 3ක භූමි ප්‍රමා­ණ­යක් පුරා විහි­දුණු හා තට්ටු 12ක ගොඩ­නැ­ඟි­ල්ල­කින් සම­න්විත ගුවන් හමුදා මූල­ස්ථාන පරි­ශ්‍රය පොලි­සි­යට ඊයේ (15) නිල වශ­යෙන් භාර දෙනු ලැබීය. ඊට අදාළ ලේඛන ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x