හිටපු ජනපති ගුවන් අනතුරකින් මරුට . . .

චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇත.

දකුණු චිලීයේ ග්‍රාමීය නගරයක්වන ලාගෝ රැන්කෝ හී දී හෙලිකොප්ටරය වැවකට කඩා වැටීමෙන් මෙලෙස හිටපු ජනාධිපතිවරයා මිය ගොස් තිබේ. 74 හැවිරිදි පිනේරා සහ තවත් තිදෙනෙකු රැගත් හෙලිකොප්ටරය මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

මෙම අනතුරින් හිටපු ජනාධිපතිවරයා මිය ගිය අතර අනෙක් තිදෙනාව ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් බේරාගැනීමට සමත්ව ඇත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරොලිනා ටෝහා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ සිරුර ලාගෝ රැන්කෝ නගරයට ආසන්න වැවේ තිබී සොයා ගත් බවයි.

මේ අතර චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

2010 සහ 2022 අතර අඛණ්ඩව වාර දෙකක් ජනාධිපති ලෙස කටයුතු කළ සෙබස්තියන් පිනේරා ෙවෙනුවෙන් ලබන සිකුරාදා රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වේ.

දින 69ක් තිස්සේ ඇටකාමා හි පතලක සිරවී සිටි පතල්කරුවන් 33 දෙනෙක් නිරුපද්‍රිතව මුදාගැනීමත් සමඟ ඔහු එවක ජාත්‍යන්තරයේ අවධානයටත් ලක්වුණි.  එමෙන්ම පිනේරා සැලකෙන්නේ චිලී හි සිටින ධනවත්ම මිනිසකු ද ලෙසයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අවලෝකිතේෂ්වරට ඇප . . .

Wed Feb 7 , 2024
අවලෝකේතීශ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාදී බුදුරජාණන්ට, භික්ෂූන් වහස්සේලාට සහ බෞද්ධාගමට අපහාස කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මහින්ද කොඩිතුවක්කු නැමත්තා රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය. සැකකරු සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලට යොමුකරන ලෙස ඔහුගේ පියාට සහ ඔහුගේ සහෝදරියට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x