ෆවුසිට එරෙහි නඩුව ඉල්ලා අස්කරගනියි . . .

ආපදා කලමනාකරණ ඇමති ලෙස කටයුතු කළ සමයේ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් නෙදර්ලන්ත රජය පරිත්‍යාග කළ රුපියල් කෝටි 02ක් පමණ වටිනා සුඛෝපභෝගී වාහනයක් පෞද්ගලිකව සන්තකයේ තබාගෙන පරිහරණය කිරීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසිට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඉල්ලා අස්කරගන්නා බව අධිරණයට දන්වා ඇත.

ඒ මෙම නඩුව පසුගිය 05 වනදා කැඳවූ අවස්ථාවේදීය.

එම අවස්ථාවේ විත්තියේ නීතිඥවරයා, මෙම චෝදනාව ඉල්ලා අස් කර ගන්නා ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා ඇති අතර කොමිසම එය සලකා බැලීමට එකඟ බව පැවසා ඇත.

ඒ අනුව කොළඹ මහාධිකරණය එම නඩුව අප්‍රේල් 29 වැනිදා යළි කැඳවන්නැයි නියෝග කර තිබේ.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දයා සදගිරි සජිත්ට එක්වෙයි . . .

Wed Feb 7 , 2024
හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සමගි ජන බලවේගයට එක් වී තිබේ. පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස හමුවී ඔහු එහි සාමාජිකත්වය ලබාගෙන ඇත. ඔහු පක්‍ෂයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක ලෙස පත් කර තිබේ. දයා සඳගිරි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේද කටයුතු කර ඇත lanka C news

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x