බදු නැතුව ගෙන්නපු දුරකථන තොගයක් අල්ලයි . . .

තීරු බදු නොගෙවා නීති විරෝධි අයුරින් මෙරටට ගෙන්වූ ජංගම දුරකථන තොගයක් සහ උපාංග තොගයක් සැකකරුවෙක් සමග විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (07)  කොළොන්නාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 අබ්දුල් හමීඩ් මාවතේ පදිංචි 31 හැවිරිදි අයකු වේ.

වැල්ලම්පිටිය පොලිස් වසමට අයත් කොළොන්නාව, විහාර මාවතේ අංක 16/01 ලිපිනයේදී වැටලීම කර තිබූ අතර එම ස්ථානයේ තිබී විවිධ වර්ගයේ ජංගම දුරකතන පන්සීයකට අධික ප්‍රමාණයක්, ස්මාර්ට් ඔරලෝසු 10ක් සහ හෑන්ඩ්ෆ්‍රී 15ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරී පිරිසක් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් ජංගම දුරකතන හා උපාංග තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ වරායේ පිහිටි ශ්‍රි ලංකා රේගු නිවාරන කාර්යාලය වෙත භාර දී ඇත.‍

  • අනීෂා මානගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සිහිනෙන්වත් ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ . . .

Thu Feb 8 , 2024
වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියටගෙන යෑමෙන් රටේ හෙට දවසට යපතක් නොවන්නාක් මෙන්ම එම වැඩපිළිවෙළින් රට අර්බුදයේ අගාදයට ගමන් කරන බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළට එකතු වීමට සිහිනෙන්වත් අදහසක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (8) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද (8) […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x