සිහිනෙන්වත් ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ . . .

වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියටගෙන යෑමෙන් රටේ හෙට දවසට යපතක් නොවන්නාක් මෙන්ම එම වැඩපිළිවෙළින් රට අර්බුදයේ අගාදයට ගමන් කරන බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළට එකතු වීමට සිහිනෙන්වත් අදහසක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (8) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද (8) පැවැති මාධ්‍ය හමුවෙව්දී එසේ පැවසීය.

ආණ්ඩුවේ වැඩපිළිවෙලට විකල්පයක් වන වැඩපිළිවෙළක් වෙනුවෙන් පමණක් නිදහස ජනතා සභා එකතු වන බව ද ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ කථාව සහ ක්‍රියාව අතර වෙනසක් ඇති බව කී ඩලස් අලහප්පෙරුම පැවසුවේ වර්තමාන ආණ්ඩුවේ වැඩපිලිවෙළ ඉදිරියට ගියහොත් ‘ස්පා’වලට යන තරුණියන් සහ ත්‍රීිවිල්වලට යන තරුණයන් පමණක් මෙරට ඉතිරිව හැකියාවක් ඇති සියලුම දෙනා රට හැරයෑම නතර කළ නොහැකි බවත්ය.

ආණ්ඩුව නිදහස් සෞඛ්‍ය ආදාහනාගාරයට යවා, නිදහස් අධ්‍යාපනය අවසන් හෝරාව දක්වා ගෙන ඇති බවත් අහිංසක දරුවන්ගේ පොත්වලටත් වැට් ගසා ගෝත්‍රික රටක් ලෙස දැනුමට වැට් ගහපු රටක් කළ සුළු පියෙක් රට පාලනය කරන බවත් ඔහු කීය.

නවවැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරය ආරම්භ කළ බවත් සැසිවාර කල්දැමීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශණ ඉදිරිපත් කිරීම විලාසිතාවක් වීමෙන්ම වසර හතරක් තුළ පස්වතාවක් සැසිවාර කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට නිරෝගීව බලපෑමක් නොදන්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආසියාවේ වැඩිම විදුලි ගාස්තු ලංකාවේ . . .

Thu Feb 8 , 2024
දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ අනෙක් රටවල ගෘහස්ත විදුලි ගාස්තුවට වඩා ශ්‍රී ලංකාවේ ගෘහස්ත විදුලි ගාස්තුව 2.5 සිට 3 ගුණයක් දක්වා ප්‍රමාණයකින් වැඩි බව එම විශේලේෂණයෙන් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x