රාජකාරි වෙලාවෙන් පසු සේවකයන්ට ඇමතුම් බෑ . . .

තමාගේ වැඩ මුරය නිම වීමෙන් අනතුරු ව තමන්ට සිය ආයතන ප්‍රධානින්ගෙන් ලැබෙන අසාධාරණ දුරකථන ඇමතුම් සහ පණිවුඩ නොසලකා හැරීමේ අයිතිය තහවුරු කිරීමේ නව නීතියක් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියාව පියවර ගනිමින් සිටියි.

එම නීතිය උල්ලංඝනය කරන හාම්පුතුන්ට එරෙහි ව දඩ නියම කිරීමට ද එහි ප්‍රතිපාදන පවතින බව වාර්තා වේ.

එරට කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ නීති කිහිපයක් සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති අතර “right to disconnect” යන නව නීතිය ඒ යටතේ හඳුන්වාදීමට නියමිත ය.

නව නීතිය මගින් සේවකයින්ගේ රැකියාව සහ ජීවිතය අතර සමතුලිතතාව ඇති කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට අනුමාන කෙරේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ රාජ්‍ය ඔසුසල සේවකයෝ වසති . . .

Fri Feb 9 , 2024
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ පාලනය වන කොළඹ පුරහළ ප්‍රධානම රාජ්‍ය ඔසුසලේ සේවකයන් දීමනා පිළිබඳව ගැටලුවක් හේතුවෙන් එහි දොරටු වසා අද (9) පෙරවරුවේ සිට වර්ජනයක නිතරව සිටිති. ‘2023 සහ 2024 අයවැයට අදාල ජීවන වියදම් දීමනාව වහා ලබාදෙනු’ ලෙස එම ඔසුසලේ ප්‍රධාන දොරටුවේ පුවරු දෙකක් ප්‍රදර්ශනය කර තිබේ. යොහාන් භාසුර / […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x