ලංකාවේ ලොකුම පීට්සා එක මීගමුවේ දී . . .

අදට (09) යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව , ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සාව එම හෝටල් පරිශ්‍රයේ දී නිර්මාණය කිරීමට පියවර ගෙන තිබුණි .

අගල් 50 දිග මෙම පීට්සා එක කිලෝ ග්‍රෑම් 12 ක බරකින් යුක්ත වෙයි.

මෙම පීට්සා ව නිර්මාණය කිරීම සදහා තක්කාලි කොංග්‍රසයක් ( මිශ්‍රණයක් ) මොසැරැල්ලා චීස් , කුකුළු මස් , සොසේජස් , විවිධ පාට සහ රස වර්ග 04 කින් යුතු බෙල් පෙපර් , ඔලිව් තෙල් සහ බී ළූණු භාවිතා කර තිබූ අතර මෙම පීට්සා ව විනාඩි 08 ක කාළයකින් පුළුස්සා නිම කර ගැනීමට හැකි වූ බව වාර්තා වෙයි.

මෙම පීට්සා ව රස බැලීම සදහා 100 කට අධික පිරිසක් මෙම හෝටල් පරිශ්‍රයට පැමිණ සිටියහ.

මේ සදහා එම හෝටලයේ විධායක සූපවේදී දුමින්ද වනිගසේකර මූලිකත්වය ගෙන ක්‍රියා කර ඇත.

එකවර 08 දෙනෙකුට භුක්ති විදීමට හැකි වන පරිදි අගල් 25 ක් දිග වන ආකාරයට සකස් කර  පීට්සා කැබළි ඔවුන්ට ආහාර සදහා  පිරිනැමීම සිදු කෙරුණි .

ඉකුත් 2021 වසරේ දී මෙම හෝටලය අගල් 40 ක් දිග පීට්සා වක් ලෝක පීට්සා දිනය නිමිත්තෙන් සකස් කර තිබුණි .

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හිටපු සෞඛ්‍ය ඇමතිලා පසුපස රහස් පොලිසිය . . .

Sat Feb 10 , 2024
හිටපු සෞඛ්‍ය ඇමතිවරුන්ගේ නිර්දේශයන් යටතේ මීට පෙරද ප්‍රමිතියෙන් තොර එන්නත් හා ඖෂධ ගෙන්වා ඇත්දැයි සොයා බැලීමට රහස් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අනුව දැනටමත් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඉහළ නිලධාරියකුගෙන් රහස් පොලිසිය විසින් ප්‍රකාශයක්ද ලබාගෙන ඇත. එම ප්‍රකාශය පැය හතර හමාරක කාලයක් තිස්සේ ලබා ගෙන ඇති අතර ඉදිරියේදී හිටපු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x