ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටෙයි . . .

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි.

ජෙට් යානය අධිවේගී මාර්ගයකට කඩා වැටීමත් සමඟ පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් ව ඇත.

ගුවන් යානය නේපල්ස් නාගරික ගුවන්තොටුපොළට ගොඩබෑමට මිනිත්තු දෙකකට පෙර, ගුවන් නියමුවා විසින් ගමනාගමන පාලකවරයාට යානයේ එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති බව දන්වා හදිසි ගොඩබෑමක් අවශ්‍ය බව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගිනි කූරු අයිෆල් කුළුන . . .

Sat Feb 10 , 2024
රිචර්ඩ් ප්ලෝඩ් නැමැති ප්‍රංශ ජාතිකයා විසින් ගිනි කූරු 706900 ක් සහ ගම් කිලෝ 23 භාවිත කරමින් අවුරුදු අටක කාලයක් වැය කර නිර්මාණය කරන ලද අඩි 24 ක අයිෆල් කුළුණේ ආකෘතියට අවසානයේදී ගිනි කූරු වලින් සාදන ලද උසම නිර්මාණයට හිමි ගිනස් ලෝක වාර්තාව හිමිව ඇත. රිචර්ඩ් ප්ලෝඩ් නැමැති ප්‍රංශ ජාතිකයා පැය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x