හරිහරන්ගේ ප්‍රසංගය අසල තදබදයකින් පුද්ගලයින් රැසකට තුවාල . . .

දකුණු ඉන්දීය ප්‍රභල සංගීතඥයෙකු වන හරිහරන් ඊයේ (09) රාත්‍රියේ යාපනය මුට්‍ර වේලි ක්‍රීඩාංගනයේදී පැවැත්වු ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස අතර ඇති වු අධික තදබදය හේතුවෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ප්‍රසංගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ තිබු අතර, තවත් පිරිසක් ප්‍රසංගය පැවැත්වු ක්‍රීඩාංගනයට ඇතුළු වීමට නොහැකිව සිටි බවයි.

පැමිණි අධික රසිකයින් හේතුවෙන් ක්‍රීඩාංගනයේ ඉඩකඩ අවමවීම හේතුවෙන් තදබදයක් ඇති වු අතර, එහිදි පිරිසක් තුවාල ලැබු බවයි.

දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා, රම්බා ඇතුළු සිනමා නිළියන් හා නළුවන් රැසක්ද ප්‍රසංගය වෙනුවෙන් සහභාගි වි සිටියහ.

ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස් පොලිස් රැකවල් කඩාදමාගෙන ප්‍රසංග භූමියට ඇතුළුවීම හේතුවෙන් අධික තදබදයක් ඇතිව තිබිණ.

  • මාධව කුලසූරිය – වවුනියාව
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නිරුවත් අයෙක් රෝහල් වාට්ටුවට ඇතුළු වේ . . .

Sat Feb 10 , 2024
මීරිගම මූලික රෝහලේ ළමා වාට්ටුවට පසුගිය 08 වැනිදා අලුයම් කාලයේ නිරුවතින් පුද්ගලයෙක් ඇතුළු වී තිබේ. ඒ හේතුවෙන් වාට්ටුවේ කලබලකාරී තත්ත්වයක් ඇති වූ බව මීරිගම පොලිසිය සඳහන් කරයි. ඇඟේ කිසිදු ඇඳුමක් නොමැති පුද්ගලයෙකු වාට්ටුවට ඇතුළු වී එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරියක් නිදාගෙන සිටි ඇඳ මත වාඩිවී සිට ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x