යුක්තියට පාතාලයන්ගෙන් අල්ලස් . . .

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාලයන් සොයමින් සිදුකරන යුක්තිය මෙහෙයුම අල්ලස් ලබාදී නතර කිරීමට එම ජාවාරම්කරුවන් උත්සාහ දරන බව පොලිසිය සඳහන් කරයි.

කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර සඳහන් කරන්නේ මෙසේ අල්ලස් ලබා දීමෙන් සිදු කරන බලපෑම්වලට අමතරව පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල වීමද සිදුවෙමින් ඇති බවයි.

අල්ලස් ගැනීම් තර්ජන සියල්ල මැඩලා යුක්තිය මෙහෙයුම ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කරන තෙක්ම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම මෙහෙයුම් හේතුවෙන් මත්ද්‍රව්‍ය විශාල හිඟයක් පවතින බවද කලින් රුපියල් 2000කට අලෙවි කළ කුඩු පැකට්ටුව මේ වන විට රුපියල් හය දහස ඉක්මවා මිලකට ඉහල ගොස් ඇතැයිද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ෆොන්සේකා ඉවත් කරන්න සජිත්ගෙන් මෙහෙයුමක් . . .

Sun Feb 11 , 2024
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරන පුද්ගලයන් ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කරන තිබෙන අතර එහි මුලින්ම මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිටින බව වාර්තා වේ. සජබ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ එම පක්ෂයේ සභාපති ධුරය අහිමි කිරීමට ක්‍රියා කරන්නැයි ජ්‍යෙෂඨයෝ පිරිසක් සජබ නායක සජිත් ප්‍රේමදාසගෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x