අනතුර අවස්ථාවේ කිසිම වාහනයක් ඉස්සර කර නෑ . . .

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ දී ඔවුන් ගමන් කරමින් සිටි වාහනයට වෙනත් කිසිදු වාහනයක් ඉස්සර කර නොමැති බව ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් තහවුරු වී ඇත.

සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාගේ වාහනයේ රියදුරු පොලිසියට පවසා තිබුණේ ඔවුන් ගමන් ගත් වාහනය කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යමේ දී පිටුපසින් වේගයෙන් පැමිණි සුදු පාට මෝටර් රථයක් තමන් පදවමින් සිටි රථය ඉස්සර කිරීමේදී අනතුරක් වළක්වා ගැනීම සඳහා රථය වමට කපන අවස්ථාවේ දී කන්ටේනර් රථයේ ගැටී මෙම අනතුර සිදුවූ බවයි.

මෙම ප්‍රකාශය මුල්කරගෙන අපරාධ පරික්ෂණ දෙපාර්ථමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එදින එම අනතුර සිදුවූ කාල වකවානුව තුළ අධිවේගී මාර්ගයේ ගමන් කළ වාහන සම්බන්ධයෙන් ආරක්ෂක කැමරා දර්ශන කිහිපයක්ද උපයෝගී කරගෙන පරික්ෂා කිරීමක්ද සිදුකර ඇත. එහිදී පෙනී ගොස් ඇත්තේ අනතුර සිදුවූ කාල පරාසය තුළ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර ඇත්තේ එකම සුදු පැහැති මෝටර් රථයක් බවයි. එම රථයද ජා-ඇළ පසුකරමින් කොළඹ දෙසට ගමන් කර ඇත්තේ අනතුරු සිදුවීමට බොහෝ වෙලාවකට පෙර බව නිරීක්ෂණය වී ඇත. එම මෝටර් රථයේ රියදුරු හඳුනාගෙන ඔහුගෙන්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එම රියදුරා පවසා ඇත්තේ තමා සාමාන්‍ය වේගයෙන් අධිවේගී මාර්ගයේ ගමන් කළා මිස අධික වේගයෙන් වාහනය ධාවනය නොකළ බවය. තමා වාහනය ධාවනය කරන කාල පරාසය තුළ රිය අනතුරක් හෝ එවැනි සිදුවීමක් සිදූ නොවූ බව ද ඔහු පවසා ඇත.

ඒ අනුව සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා ගමන් කළ මෝටර් රථයේ ගැටණු කන්ටේනර් රථයේ රියදුරුගෙන් ඊයේ (12) පැය පහක පමණ කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එහිදී එම රියදුරුද පවසා ඇත්තේ අනතුර සිදුවූ අවස්ථාවේදී සුදු පැහැති හෝ වෙනත් කිසිදු මෝටර් රථයක් කන්ටේනර් රථය ඉස්සර කර මින් ගමන් කළ බව තමන්ගේ මතකයේ නැති බවය. ඔහුට මතකයේ ඇත්තේ පිටුපසින් වේගයෙන් පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා පැමිණි වාහනය කන්ටේනරයේ පිටුපස කොටසේ ගැටී සිදුවූ අනතුර පමණි. දීර්ඝ වශයෙන් කන්ටේනර් රථ රියදුරුගෙන් ලබා ගත් ප්‍රකාශවලින් ද පෙනී ගොස් ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ දී වෙනත් රථයක් රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ මෝටර් රථය ඉස්සර කිරීමට නොගොස් ඇති බවය.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිය නීතිඥ චමරි ප්‍රියංකා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් කරමින් සනත් නිශාන්ත ගේ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා තිබූ අතර එම පැමිණිල්ලද මෙම විමර්ශන කිරීමට හේතුවක් වී ඇත.

  • ගයාන් කුමාර වීරසිංහ, රක්ෂණ ශ්‍රියන්ත, බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන්
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අල්ලස් ගත් ග්‍රාමසේවක රිමාන්ඩ් . . .

Tue Feb 13 , 2024
ඡන්ද හිමි නාමලේඛනය සඳහා  නම ඇතුළත් කිරීමට රුපියල් දස දහසක අල්ලසක් ගත්තේ යැයි කියන හම්බන්තොට සමෝදාගම ග්‍රාම නිලධාරීවරයා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (13) නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගත කරන ලද්දේ සුසන්ත උදය කුමාර නමැති පුද්ගලයෙකි. සැකකරු  හම්බන්තොට සමෝදාගම අලුතින් පදිංචියට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x