CID අත්අඩංගුවට පත් කෝටිපතියා . . .

පෙරේදා (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ විමර්ශන අංක 01හි නිලධාරීන් පිරිසක් විසින් නීතිවිරෝධීව වත්කම් උපයා ගත් බවට සැකපිට මිද්දෙණිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී නිලධාරීන් විසින් ඔහු සන්තකයේ තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා මෝටර් රථ 02 ක්, මීගස්ආර ප්‍රදේශයේ සැකකරු විසින් ඉදිකොට ඇති වායු සමීකරණය කරන ලද තෙමහල් නිවසක් සහ මිද්දෙණිය නගරයේ ඇති දෙමහල් ගොඩනැගිල්ලක් සිය භාරයට ගෙන ඇත.

වසර දහයක පමණ කාලයක සිට සැකකරු තණමල්විල ප්‍රදේශයේ කංසා වගා කරමින් ඒවා බෙදාහැරීමේ ජාවාරමක යෙදී ඇති බවයි, පොලීසිය සඳහන් කරන්නේ.

ඉන් උපයා ගත් මුදලින් පොලිස් භාරයට ගත් දේපළ උපයාගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සැකකරුට අයත් බව සැලකෙන වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රටින් පැන්න පාතාලයන් අල්ලන්න රතු නිවේදන . . .

Fri Feb 16 , 2024
රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියයි. මෙම 42 දෙනා අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කියයි. ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට ගෙන්වාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x