දෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් “සිඳු” ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ චරිතයට පණ පෙවූ කවීෂ් විහඟ අද සැබෑවටම පුංචි සාමණේර නමක් බවට පත්විය. වයස අවුරුදු 5හේ දී සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කවීශ් වසර 5ක්ම එම චරිතයට රංගනයෙන් ධායක […]

දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද(19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ, විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ඇරයුමකට අනුවයි. ඔහු මෙරට රැඳී සිටින කාලසීමාවේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු සමග ඉරාන ජනාධිපති කාර්යාලයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් […]

ජාතික ඉහළ කාර්ය සාධන වැඩසටහන යටතේ, එම සංචිතයට ක්‍රීඩා 12කින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 58ක් තෝරා ගනියි. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ගේ අනුමැතිය එම ඉහළ කාර්ය සාධන සංචිතයට ලැබී ඇති අතර , මේ වසරේ පැවැත්වෙන ‘පැරිස් ඔලිම්පික්’ උලෙළ දක්වා එහි පුහුණු කටයුතු සිදු කෙරෙනු ඇත. මේ පුහුණු සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට […]

ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි. අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කර සිටි අතර මේ වනවිට ජී. එල්. පීරිස් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරයි. aruna

ඉන්දියන් ආධාර මත බගවන්තලාව වතුයායේ ඉදිකිරිමට යෝජිත නිවාස බේදා දිම පිලිබදව වෘත්තිය සමිති දෙකක සමාජිකයන් අතර ඇතිවු බහින් බස්විමක් දුර දිග යාමෙන් සිදුවු ගැටුමක් හේතුවෙන් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට පත්ව ඇති අතර තිදෙනකු රෝහල් ගත කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බගවන්තලාව […]

විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් (Scientific Freedom and Responibility Award) ඇමරිකා එක්සත් ජනපද විද්‍යාභිවර්ධන සංගමය (American Association for the Advancement of Science, AAAS) ලබා දෙන සම්මානය මහාචාර්ය චන්න ජයසුමනට හිමිව ඇත. 2019 වර්ෂය සඳහා මෙම සම්මානය ලැබී ඇති අතර “විවිධ පාර්ශ්වවලින් එල්ල වූ අභියෝග හමුවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ […]

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිව සිටියදී සිදු කරන ලද මූල්‍ය අපරාධ සහ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන ගණයෙහිලා චෝදනා එල්ල කළ හැකි ක්‍රියාකාරකම්වලට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල රැක ගැනීම වෙනුවෙන් ප්‍රබල ලෙස කරුණු දක්වා තිබිණි. විපක්ෂය විසින් පදනම් විරහිත සහ ඔප්පු කළ නොහැකි […]

පරිපාලන දිස්ත්‍රික් මායිම් මත පදනම්ව නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේශ සීමා නිර්ණය කිරීමේ පොලිස්පති චක්‍රලේඛනයක් හේතුවෙන් කතරගම පොලිසිය තංගල්ල කොට්ඨාශයෙන් ඉවත් කිරීමට ගෙන ඇති පියවරට කතරගම ප්‍රදේශවාසීන්ගෙන් බලවත් විරෝධයක් එල්ල වෙමින් තිබේ. කතරගම පොලිසිය මොනරාගල පොලිස් කොට්ඨාශයට සම්බන්ධ කිරීම හේතුවෙන් නිර්මාණය වන බොහොමයක් ගැටලු නිසා දුප්පත් අසරණ ජනතාව තව තවත් අසරණ […]

මහ බැංකු සේවකයන්ගේ වැටුප් තීරණය කිරීමේ බලය ස්වාධීන ආයතනයක් ලෙස බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි. ඒ අනුව එම සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය තීරණ නොගන්නා බවද හෙතෙම පැවසීය. එම පනත ප්‍රකාරව මහ බැංකු සේවකයන් සඳහා වැටුප් වැඩි කර ගැනීමක් සිදුකර ඇති බවත් […]

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන කැලණිය සංවිධායක ධූරය අත්හිටුවීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම වාරණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.