ඉරාන විදේශ ඇමති දිවයිනට . . .

දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද(19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ, විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ඇරයුමකට අනුවයි.

ඔහු මෙරට රැඳී සිටින කාලසීමාවේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු සමග ඉරාන ජනාධිපති කාර්යාලයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් දිවයිනට පැමිණෙන බවයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ලබන 21 වැනිදා යළි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

මේ අතර, ඉරාන යුද නෞකා දෙකක් පසුගියදා දිවයිනට සේන්දු විය. ඒ, දෙරටේ නාවික හමුදා අතර සුහදතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ය.

එම නෞකා අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

  • aruna

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පුංචි සෝරත සසුන්ගත වෙයි . . .

Mon Feb 19 , 2024
දෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් “සිඳු” ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ චරිතයට පණ පෙවූ කවීෂ් විහඟ අද සැබෑවටම පුංචි සාමණේර නමක් බවට පත්විය. වයස අවුරුදු 5හේ දී සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කවීශ් වසර 5ක්ම එම චරිතයට රංගනයෙන් ධායක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x