පුංචි සෝරත සසුන්ගත වෙයි . . .

දෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් “සිඳු” ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ චරිතයට පණ පෙවූ කවීෂ් විහඟ අද සැබෑවටම පුංචි සාමණේර නමක් බවට පත්විය.

වයස අවුරුදු 5හේ දී සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කවීශ් වසර 5ක්ම එම චරිතයට රංගනයෙන් ධායක වී ඇත.

ප්‍රේක්ෂකයාගේ ඒ බලාපොරොත්තුව සඵල කරමින් පුංචි කවීශ් අද සැබෑවටම පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ නමින් පුංචි සාමණේර නමක් බවට පත්විය.

මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී කවීශ් විහඟ අද (19) උදෑසන මෙලෙස සසුන්ගත වුණි.

ඒ වසර 5ක් පුරාවට සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් දරාගෙන සිටි උතුම් චීවරයේ බර සියලු ලෝක සත්ත්වයාගේ යහපත වෙනුවෙන් සැබෑවටම දරාගනිමිනි.

මීට මාස තුනකට ඉහතදී කවීෂ්ගේ එකම සොහොයුරාත් සසුන්ගතවීම කවීශ්ගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙන්න තවත් හේතුවක් වෙන්නට ඇතැයි සඳහන් ය.

ඉතින් ඔබ වහන්සේට බුදු සසුනේ චිරස්තිථිය උදෙසා මහඟු සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපගේ ප්‍රාර්ථනයයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොවිඩ් එන්නත් අතුරු ප්‍රතිඵල එළියට . . .

Tue Feb 20 , 2024
ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා ඇති වීමේ දුර්ලභ අවස්ථාවක් තිබෙන බව මෙතෙක් එම එන්නත සම්බන්ධයෙන් කළ විශාලතම අධ්‍යනයෙන් හෙළි වී ඇතැයි ෆෝර්බ්ස් සඟරාව වාර්තා කළේය. ප්‍රතිශක්තිකරණ එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳීම වළක්වාලන බැවින් එම අවදානම ගැනීමේ වැරද්දක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x