වැඩිහිටියන්ට කැපීම නවතී . . .

වැඩිහිටි දීමනාවෙන් රුපියල් සියයක මුදලක් රජයෙන් කපා ගැනීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමටද එම මණ්ඩලය තීරණය කර ඇත.

වැඩිහිටි දීමනාව ලෙස මීට ඉහතදී රුපියල් 2,000ක මුදලක් ලබාදුන් අතර, ඉන් රුපියල් 100ක මුදලක් රජය නැවත අයකර ගත්තේය. ඒ අනුව වැඩිහිටි දීමනාව ලෙස වැඩිහිටියන්ට නිකුත් කරනු ලැබුවේ රුපියල් 1,900ක් පමණි.

රජය විසින් වැඩිහිටි දීමනාවර රුපියල් 3,000ක් දක්වා වැඩිකර ඇති අතර එය සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ගෙවීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව එම මුදල නොකපා අදාළ සම්පූර්ණ මුදලම වැඩිහිටියන්ට ලබාදීමට එම මණ්ඩලය සැලසුම් කර ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ෆොන්සේකාගේ පෙත්සමෙන් සජිත්ට තහංචියක් . . .

Mon Feb 19 , 2024
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන කැලණිය සංවිධායක ධූරය අත්හිටුවීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම වාරණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x