දේශබන්දු ඉවත් කරන්න ජාත්‍යන්තර සැලසුමක් . . .

දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බව බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබේ.

ඩුබායි සිට මෙරටට ගෙන එන ලද පියුමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් කර ඇති ප්‍රකාශ මත පදනම්ව සකස් කළ බුද්ධි අංශ වාර්තාවක් ජනාධිපති කාර්යාලයට දී ඇති අතර එමගින් මේ බව හෙළි වී ඇත.

තවද මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පතිවරයා ඝාතනය කර හෝ යුක්තිය මෙහෙයුම නතර කර ගැනීමටද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බව අනාවරණ වී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ නිල කාලය ලබන 26 සඳුදා අවසන් වීමට නියමිතය. ඔහු පත් කළේ මාස තුනක කාලයකටය.

යුක්තිය මෙහෙයුම ආරම්භයේ පටන් මහජන ආරක්ෂක ඇමැතිවරයාට මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයට හා පාතාලයට එරෙහිව විමර්ශන කළ පොලිස් නිලධාරින් රැසකටම විදෙස්ගත පාතාල කල්ලිවලින් තර්ජන එල්ල විය.

මත්ද්‍රව්‍ය ජාලය හා බැඳුණු විදෙස්ගත පාතාල කල්ලි ඩුබායි හා ඉන්දියාවෙන් ඔබ්බට තම කණ්ඩායම් යවමින් ජපානය, ඉතාලිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ජර්මනිය, එංගලන්තය හා සෞදි අරාබියට පාතාල කණ්ඩායම් ව්‍යාප්ත කර ඇති බවද හෙළි වී ඇත.

ඩුබායි හා ඉන්දියාවේ සිටින පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන 32 ක් මේ වන විට ලබා ගැනීමත් සමග පාතාල කණ්ඩායම් යුරෝපා රටවලට පැනගොස් බලය පතුරුවන්නට පටන්ගෙන ඇති බවද බුද්ධි අංශ සඳහන් කරයි.

  • විමුක්ති නානායක්කාර/ තුෂාර සම්පත් ජයරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හරීන්ට විරෝධයක් . . .

Tue Feb 20 , 2024
ක්‍රීඩා, යෞවන සහ සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී ‘ශ්‍රී ලංකාව ඉන්දියවේ කොටසක්’ යැයි කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ‘එට්කා’ එපා ජාතික එකමුතුව’ කොල්ලුපිටියේ පිහිටි ඉඩම් සහ සංචාරක අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පෙරවරු විරෝධතාවක් පැවැත්වීය. එම පිරිස ‘හරීන් ඇමතිකමින් වාහා නෙරපනු සහ ඉන්දියාවට රට විකිණීම වහා නවතනු’ ආදි සටන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x