නව පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් . . .

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සහ වැඩ­බ­ලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් නව පොලි­ස්ප­ති­ව­රයා ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ විසින් පත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යව­ස්ථා­වන්හි විධි­වි­ධාන ප්‍රකා­රව,  ජනා­ධි­ප­ති­ව­රයා වෙත පැවරී ඇති බල­තල අනුව මෙම පත්කි­රීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක විසින්  ජනා­ධි­පති කාර්යා­ලයේ  දී ඊයේ (26) පස්ව­රුවේ දේශ­බන්දු තෙන්න­කෝන් වෙත පිළි­ගැ­න්වීය.

1971 වර්ෂයේ උපත ලද දේශ­බන්දු තෙන්න­කෝන් කොළඹ නාලන්ද විද්‍යා­ල­යෙන් අධ්‍යා­ප­නය හදාරා 1998.02.23 වන දින ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යකු ලෙස පොලිස් සේව­යට එක්ව 2006 වර්ෂ­යේදි පොලිස් අධි­කාරි තන­තු­ර­ටද,  2011 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි තන­තු­ර­ටද,  2015 වර්ෂ­යේදී නියෝජ්‍ය පොලි­ස්පති තන­තු­රට ද උස­ස්වීම් ලබා ඇත. අන­තු­රුව 2019.11.29 දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති තන­තු­රට පත්වී 2020.01.01 දිනට එම තන­තුරේ ස්ථිර පත්වීම් ලබන අතර,  2019.12.05 දින සිට වසර 04කට ආසන්න කාල­යක් බස්නා­හිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කර තිබේ.  2023.11.29 වන දින සිට පොලි­ස්ප­ති­ව­රයා ලෙස පත්වන තුරු වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා ලෙස  රාජ­කාරි සිදු කළේය.

වසර 26ක සේවා කාලය තුළ දකුණු පළාතේ ගාල්ල,  මාතර උතුරු පළාතේ වව්නි­යාව,  නැ‍ඟෙන­හිර පළාතේ කන්තලේ,  බස්නා­හිර පළාතේ ගම්පහ,  නුගේ­ගොඩ සහ කැල­ණිය යන ප්‍රදේ­ශ­යන්හි රාජ­කාරි කර­මින් ක්‍ෂේත්‍ර රාජ­කා­රින් පිළි­බද මනා අව­බෝ­ධ­යක් මෙන්ම විවිධ අභි­යෝ­ග­යන්ට මුහුණ දෙමින් රාජ­කා­රි­මය වශ­යෙන් මනා අත්දැ­කීම් ලබා ඇති ඒ මහතා කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ශාස්ත්‍ර­වේදී උපා­ධිය සහ කැලණි විශ්ව­වි­ද්‍යා­ලයේ ශ්‍රාස්ත්‍ර­පති උපා­ධිය හදාරා ඇති අතර, 2006 වර්ෂ­යේදී එක්සත් ජන­ප­දයේ ලුසි­යානා පොලිස් ඇක­ඩ­මිය මඟින් පව­ත්වන ලද පශ්චාත් පිපි­රුම් විම­ර්ශන පුහුණු පාඨ­මා­ලාව, 2008 වර්ෂ­යේදී දකුණු කොරි­යානු පොලිස් පරි­පා­ලන පුහුණු පාඨ­මා­ලාව,  2016 වර්ෂයේ දී චීනයේ යුනාන් පොලිස් ඇක­ඩ­මි­යේදී පව­ත්වන ලද ආසි­යානු මත්ද්‍රව්‍ය පිළි­බඳ නීතිය ක්‍රියා­ත්මක කිරීමේ පුහුණු පාඨ­මා­ලාව,  2019 වර්ෂ­යේදී නැ‍ඟෙන­හිර ටිමෝ­ර­යේදී පව­ත්වන ලද ප්‍රජා පොලි­ස්ක­ර­ණය පිළි­බඳ පුහුණු පාඨ­මා­ලාව ආදී තවත් පාඨ­මාලා රැසක් හදාරා ඇත.

දේශ­බන්දු තෙන්න­කෝන් 2011 වර්ෂයේ රුසි­යාවේ ශාන්ත පීට­ර්ස්බ­ර්ග්හිදී පැවැති විශේෂ සේවා සහ නීතිය ක්‍රියා­ත්මක කරන සංවි­ධා­න­වල ප්‍රධා­නීන්ගේ සමු­ළුව,  2019 වර්ෂ­යේ­දීම තායි­ල­න්තයේ බැංකො­ක්හිදී පව­ත්වන ලද මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා වන ආසියා සහ පැසි­ෆික් කලා­පයේ ප්‍රධා­නීන්ගේ සමු­ළුව ආදී සමුළු සඳහා ද,  2013 වර්ෂ­යේදි ඉන්දි­යාවේ නව දිල්ලි නුවර දී පැවත්වූ මිනිස් ජාවා­රම් විරෝධී ඒක­ක­වල අත්දැ­කීම් හුව­මාරු කර­ගැ­නීම සඳහා වන SAARC රාජ්‍ය සාමා­ජික රට­වල් සඳහා වූ වැඩ­මු­ළුව ඇතුළු තවත් දෙස් විදෙස් වැඩ­මුළු රැස­කට සහ­භාගී වී තිබේ.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ‍්‍රී ලන්කන් යානා ලීසිං සමාගම් උස්සයි . . .

Tue Feb 27 , 2024
කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා එකක් දෙකක් හෙට අනිද්දා වන විට අදාළ කල්බදු සමාගම් විසින් රැගෙන යනු ඇති බව වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි. ඒ අනුව ගුවන් සේවාව තවදුරටත් පවත්වාගෙන යන්නේද නැතහොත් වසා දමන්නේද යන්න පිළිබඳව සේවකයන් තීරණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x