බැසිල් අගමැති කරන්න යයි . .

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) අගමැති අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා.

පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් බැසිල් රාජපක්ෂ ලබන සතියේ ඇමරිකාවේ සිට පැමිණෙන බව රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙකු වන වීරතුංග ප්‍රකාශ කර තිබේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණය නොව පාර්ලිමේන්තු මැතිවරණය පළමුව පැවැත්වෙනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

2024 මාර්තු 05 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බැසිල් රාජපක්ෂ ට විශාල පිළිගැනීමක් ලැබෙන බවත්, රථ පෙළපාලියකින් ඔහුව කොළඹට රැගෙන එන බවත් ඔහු පැවසීය.

මීට අදාලව සිදු කළ විශේෂ හෙළිදරව්ව පහත වීඩියෝවෙන් නරඹන්න.

– Aruna

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙළියගෙන් පෙත්සමක් . . .

Thu Feb 29 , 2024
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිය නීතිඥවරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x