ගාසා වැසියන්ට ගුවනින් ආහාර . . .

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, කුසගින්නේ පෙලෙන, ගාසා පලස්තීන වැසියන්ට ඇමෙරිකාන ගුවනින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීම ආරම්භ කර ඇත.

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වීමෙන් පසු, ඇමෙරිකාව පලස්තීන වැසියන් මේ අයුරින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමට පියවර ගත් පළමු අවස්ථාව මෙයයි.

ඇමෙරිකන් හමුදාව, ඊයේ (2) සී-130 වර්ගයේ  ගුවන් යානා තුනක් යොදාගෙන ආහාර මලු 30,000ක් පමණ ගාසා තීරයට දැමූ බව පැවැසෙයි.

ඇමෙරිකාව මෙම තීරණය ගත්තේ, ඉකුත් බ්‍රහස්පතින්දා ආහාර රැගත් ලොරි පෙළක් අසලට රැස්වී ආහාර ගැනීමට පොරකන්න වූ පලස්තීන වැසියන් 100කට අධික පිරිසක් ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයකින් මියයෑමෙන් පසුවය. එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 700 කට වැඩිය.

  • lankadeepa
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විදුලිය සහ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරයි . . .

Mon Mar 4 , 2024
විදුලිය සහ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවාවන් මෙම ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ. ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම ගැසට් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x