ඉන්ධන මිල සං‍ශෝදනයක් . . .

අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ.

පෙබරවාරි මස අග දී මිල සංශෝධනයක් සිදුවිය යුතු වුවද එය අද දිනයේ දී සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

ඉන්ධන මිල සුත්‍රයට අනුව මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව අවසන් වරට පසුගිය ජනවාරි මස 31 වන දා ඉන්ධන මිල ගණන් සංශෝධනය වු අතර ඔක්ට්‍රේන් 92 පෙට්‍රල්, ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ ගියේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (03)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව සඳහන්ය.

මේ අතර ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35ක පරිහරණ ගාස්තුවක් අයකර ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද සිට කටයුතු කිරීමට නියමිත බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය චෝදනා කරයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගේට්ටුව බිඳ බාලිකා පාසලකට කොළඹ රාජකීයෝ ඇතුල් වෙති . . .

Mon Mar 4 , 2024
කොළඹ 07 මියුසියස් විද්‍යාලයේ ගේට්ටුව බිඳ එම විද්‍යාලයට ඇතුළු වූ කොළඹ රාජකීය විදුහලේ සිසුහු පිරිසක් විද්‍යාල පරිශ්‍රයේදී අනවසර සන්දර්ශනයක් අද (04) සිදුකළහ. කොළඹ රාජකීය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පවතින වාර්ෂික ක්‍රිකට් ගැටුම හා රාජකීය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය හේතුවෙන් රාජකීය සිසුන් අද පුහුණුවීම්වලට යොදවා තිබිණි. එලෙස පුහුණුවීම් සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x