රියදුරු බලපත්‍ර ගන්න අයට දැනුම්දීමක් . . .

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව ලබා දී තිබේ.

පවතින අධික තදබදයට විසඳුමක් ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පිහිටා ඇති ශාඛා කාර්යාල ආවරණය වන පරිදි මෙම මාර්ගගත වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය හඳුන්වා දීමට නියමිතය.

එහිදී ස්වයංක්‍රීය දුරකථන පද්ධතිය හරහා හෝ වෙබ් අඩවිය වෙත පිවිස ඒ සඳහා කාලය වෙන් කරගත හැකි වේ.

අද සිට ආරම්භ වන නව ක්‍රමවේදය පිළිබඳව අදහස් පළ කළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ,

“සියලුම සේවාලාභීන් අනිවාර්යයෙන්ම තමන්ට අදාළ වේලාවක් අදාළ දිනය තුළ වෙන්කරගෙන කාර්ය සඳහා පැමිණීම අනිවාර්යයි. මීට ප්‍රථම ක්‍රියාත්මක වුණා කොවිඩ් කාලේ. මේකෙදි පුළුවන් ස්වයංක්‍රීය දුරකථන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා 2 117 116 කියලා. ඒක ස්වයංක්‍රීයව භාෂා තුනෙන්ම ඔබට අවශ්‍ය සේවාව ලබා දෙනවා.”

කාර්යක්ෂම සහ ඵලදායී සේවයක් සැපයීමට මෙමඟින් බලපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

“ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වා දීලා තියෙනවා. https://dmtappointments.dmt.gov.lk/ වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීමේ පහසුකම තියෙනවා. මෙයට දැනගත යුතු ප්‍රධානම දේ වන්නේ සේවාවන් ලබාගැනීමට නියමිත වේලාවන් තුළ ඇවිත් සේවාවන් ලබාගැනීමයි.”

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රත්තරන් මිල ඉහලට . . .

Mon Mar 4 , 2024
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (04) දිනයේ කැරට් 22 රන් පවුම රු.166,950.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 182,050.00ක් ලෙස සටහන්ව තිබේ. අද රන් මිල සටහන පහතින්, කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,760.00 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,050.00 කැරට් 22 ග්‍රෑම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x