කෝටි අටක මාළු විනාශ කෙරේ . . .

හල්පෙ කටාන ගබඩාවක තිබී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබූ රුපියල් කෝටි අටක් පමණ වටිනා මිනිස් පාරිභෝජයට නුසුදුසු ටූනා වර්ගයට අයත් මාළු කිලෝ එක් ලක්ෂ තිස් පන් දහසක පමණ ප්‍රමාණයක් මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න ගේ නිරීක්ෂණය යටතේ කොච්චිකඩේ කසළ අංගනයේ දී ඊයේ (04) ලාම්පු තෙල් දමා වල දමා විනාශ කර තිබෙයි.

දැනට වසර එක හමාරකට පමණ පෙර  හල්පෙ කටාන කුලියට මස් මාළු  ගබඩා කරන ස්ථානයක් විදේශ රටකින් ගෙන ආ බව කියන මිනිස් පාරිභෝජනයට නුසුදුසු මාළු තොගයක්  අධි ශීතකරණ තුල ගබඩා කර ඇති බවට ලද තොරතුරකට අනුව  දිවුලපිටිය කෝන්ගොඩමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ආනන්ද සිරිවර්ධන ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් වැටලීම සිදු කොට එම මාළු මිනිස් පාරිභෝජනයට නුසුදුසු බවට සැකකරු  එම අධිශීතකරණ මුද්‍රා තබා පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහි නඩු පවරා තිබුණි.

අධිකරණ නියෝග පරිදි මාළු සාම්පල් නාරා ආයතනයට, රජයේ රස පරීක්ෂකවරයාට හා වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරීක්ෂණ සදහා යවා තිබිණ.

එම මාළු මිනිස් පාරිභෝජනයට නුසුදුසු බවට පරීක්ෂණ වාර්තා ඒවා තිබුණත් මීගමුව ප්‍රදේශයේ පදිංචි  විත්තිකරුවන් දෙදෙනා නිවැරැදි කරුවන් බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් වසරක පමණ කාලයක් නඩුව විභාග කර අවසානයේ ඔවුන් දෙදෙනා වරදකරුවන් බවට තීරණය කර එක් අයෙකුට රුපියල් දස දහස බැගින් දෙදෙනාට රුපියල් විසි දහසක දඩ නියම කර මාළු තොගය විනාශ කිරීමට නියෝග කර තිබිණ.

මේ අනුව  දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙනිය හා   එහි මහජන සෞඛ්‍ය පරීක්ෂක  ඇම් පී අයි සෙනෙවිරත්න  ප්‍රමූඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් ලොරි වලින් එම මාළු තොගය කොච්චිකඩේ කසළ අංගනයට ප්‍රවාහනය කර බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගෙන විශාල වලවල් කපා මාළු එම වළවල්වලට දමා  අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න ඉදිරියේ ලාම්පු තෙල් දමා විනාශ කර වල දමනු ලැබීය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සියඹලාපිටිය රනිල් සමග එක්වේ . . .

Tue Mar 5 , 2024
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. තමන් දැනටද පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස බවත් ජනාධිපතිවරණයේදී අදාල තීන්දුව ගන්නා බවත් ඔහු කියා සිටියි. ‘මම පාර්ලිමේන්තුවේ කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන ස්වාධීන මන්ත්‍රිවරයෙක්. මේ රට අමාරුවේ වැටිච්ච වෙලාවේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x