පවිත්‍රාට මැති සබේ විරෝධය . . .

මාතර නිල්වලා ව්‍යාපෘතියේ ගැටලු සොයා බලා විසඳීම සඳහා යෝජනාවලියක් සැකසීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට  පත්කර ඇති  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට පවිත්‍රා දේවී වන්නිආරච්චි පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (5) විරෝධය පළ කළහ.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූවේ  නිල්වලා ව්‍යාපෘතියේ ගැටලු සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.

මෙම කමිටුව පත් කෙරුණේ විපක්ෂයේ ඉල්ලීමක් අනුව බව පැවසූ විපක්ෂ නායකවරයා පවිත්‍රා වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස කටයුතු  කරමින් සිටියදී මේ කමිටුවට පත් කිරීමෙන් බැඳියාවන් අතර ගැටුමක් ඇතිවන බවද ප්‍රකාශ කළේය.

  • සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සිවඥානම් ශ්‍රීධරන් ඉල්ලා අස්වෙයි . . .

Tue Mar 5 , 2024
ඉලංකයි තමිල් අරසු පක්ෂයේ නායකයා ලෙස තේරී පත්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සිවඥානම් ශ්‍රීධරන් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. මේ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මාවයි සේනාධිරාජා හා පක්ෂයේ පාලනාධිකාරිය වෙත ලිඛිතව දැනුම් දී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වන ඉලංකයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා නියෝජිතයන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x