සීතාවකට කෞතුකාගාරයක් . . .

ඓතිහාසික සීතාවක ප්‍රදේශයේ කෞතුකාගාරයක් ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

1521 වසරේදී සීතාවක රාජධානිය බිහි වීම ශ්‍රී ලංකා රාජධානි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන නමුත් එම රාජධානියෙහි ප්‍රාදේශීය අන්‍යතාව ප්‍රදර්ශන කිරීම සඳහා මේ දක්වා ස්ථානයක් ස්ථාපනය කර නොමැත.

රජය සඳහන් කළේ, පහත කෞතුක භාණ්ඩ ඇතුළත්ව මහ ජනතාවට ප්‍රදර්ශනය කිරීම සඳහා කෞතුකාගාරයක් පිහිටුවීම සැලසුම් කර ඇති බව ය.

  • සීතාවක රාජධානි යුගයේ නිෂ්පාදිත සිංහල තුවක්කු, සිංහල කඩු ඇතුළු යුධ උපකරණ, කිරුම් මිනුම් හා කැණීම් උපකරණ ආදී පුරාවස්තු,
  • සීතාවක රාජධානියට අයත් ප්‍රදේශයේ සිදු කරන ලද කැණීම් තුළින් සහ මහ ජනතාව සන්තකයේ පවතින දෑ අතුරින් හඳුනාගත් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ප්‍රදේශයේ සිදු කරන ලද කැණීම්,
  • මහ ජනතාව සන්තකයේ පවතින දෑ අතුරින් හඳුනාගත් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ශිලා මෙවලම්, අතීත මානවයා විසින් භාවිත කරන උපකරණ හා ආහාර පිළිබඳ තොරතුරු සහ සතුන්ගේ හා ශාක අවශේෂ.

ඒ අනුව, සීතාවක ප්‍රධාන තැපැල් කාර්යාලයට යාබදව පිහිටි, දැනට ඌන උපයෝජිත තත්ත්වයේ පවතින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු නිල නිවසේ එම කෞතුකාගාරය ස්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ.

  • Anjali Withanage
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලිසබ්‍රිට පාර්ලිමේන්තු තහනමක් . . .

Wed Mar 6 , 2024
පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම්ගේ පාර්ලිමේන්තු සේවය අද සිට මාසයක කාලයක් අත්හිටුවීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද සම්මතවිය. ඒ, රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් රුපියල් කෝටි හතකට වැඩි වටිනා රත්රන් සහ ස්මාට් ජංගම දුරකතන නීති විරෝධීව රැගෙන ඒමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවකුවීම හේතුවෙනි. ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x