ඛනිජ තෙල් සංස්ථාවේ විදෙස් විනිමය ඉහළට . . .

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරට සාපේක්ෂව එම සංස්ථාවේ ඩොලර් අදායම ඉහළ ගොස් ඇති බවට නවතම අදායම් වාර්තා මඟින් අනාවරණය කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

නෞකා වෙත ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය හරහා උපයාගන්නා ආදායම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර සංස්ථාවේ ඩොලර් ආදායම් ඉහළ යාමට එය ප්‍රධාන හේතුවක් වී ඇති බව සඳහන්ය.

ඊට අමතරව පසුගිය කාලය තුළ සිදුකළ දැවී තෙල් අපනයනය කිරීමේ කාර්යය හරහා ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලකිය යුතු ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.

මේ අතර ලෝක වෙළෙඳපොළේ තත්ත්වයන්ට අනුකූලව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදුකරනු ලබන වියදම් මත ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් වෙයි . . .

Wed Mar 6 , 2024
ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය. එම ප්‍රකාශයදී ජනාධිපතිවරයා කියා සිටියේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x