රන් මිල වාර්තාගත ලෙස ඉහළට . . .

ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වාර්තාගත ලෙස ඉහළ යමින් තිබේ.

කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල විදියට අමෙරිකානු ඩොලර් 2,141.59ක් ඊයේ (05) වාර්තා වුණි.

පසුව ඒ මිල ඩොලර් 2,130ක් ලෙස සමනය විය.

පසුගිය දින 30ක කාලය සැලකූ විට ඩොලර් 100කට ආසන්න ප්‍රමාණයකින් රන් මිල ඉහළ ගොස් තිබේ.

මාස 06ක කාලය සැලකූ විට රන් අවුන්සයක මිල ඩොලර් 200කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොසිනි.

අවුරුද්දක කාලය සැලකූ විට රන් අවුන්සයක මිල ඩොලර් 315කින් පමණ ඉහළ ගොස් තිබේ.

රන් මිල මෙලෙස ඉහළ යාමට හේතුව ගෝලීය භූ දේශපාලනික උණුසුම විශේෂයෙන් බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඛනිජ තෙල් සංස්ථාවේ විදෙස් විනිමය ඉහළට . . .

Wed Mar 6 , 2024
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. පසුගිය වසරට සාපේක්ෂව එම සංස්ථාවේ ඩොලර් අදායම ඉහළ ගොස් ඇති බවට නවතම අදායම් වාර්තා මඟින් අනාවරණය කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය. නෞකා වෙත ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය හරහා උපයාගන්නා ආදායම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x