කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට . . .

අනතුරකින් දෑත් අහිමි වූ 45 හැවිරිදි ඉන්දීය ජාතික චිත්‍ර ශිල්පියකුට දෑත් බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථක වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

චිත්‍ර ශිල්පියාට බද්ධ කර ඇත්තේ අවයව පරිත්‍යාග කළ කාන්තාවකගේ අත් වීම විශේෂත්වයකි.

මෙම පුද්ගලයාට ඔහුගේ දෑත් අහිමි වී ඇත්තේ 2020 වසරේ සිදුවුණු දුම්රිය අනතුරකිනි. අවයව ලබා ගත්, කාන්තාව මොළය මියගිය තැනැත්තියක බව ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම කාන්තාවගේ වකුගඩු, ඇස්, අක්මාව ආදිය ද තවත් පුද්ගලයන් තිදෙනකුට බද්ධ කළ බව ද පැවැසෙයි.
පැය 12 ක් ගත වුණු මෙම සැත්කම සිදු කර ඇත්තේ නවදිල්ලි අගනුවර ශ්‍රී ගංගා රාම් රෝහලේදීය.

20 දෙනකුගෙන් සමන්විත ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් මෙම සැත්කමට සම්බන්ධ වූ අතර ඔවුන්ට නායකත්වය දී ඇත්තේ වෛද්‍ය මහේෂ් මංගාල්ය.

  • lankadeepa
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මහින්ද - රනිල් - බැසිල් විශේෂ සාකච්ඡාවක් . . .

Fri Mar 8 , 2024
පසුගියදා දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ සහ විශේෂ පාර්ශ්ව කිහිපයක් අතර ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්වනු ඇති බවය. එම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x