වරදකරුවන්ට වසර 20කට පසු මරණීය දණ්ඩනය . . .

වසර විස්සකට ඉහතදී ගැටමාන්න දකුණ කඳුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ දෙදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.සිංගප්පුලි විසින් අද (7 වැනිදා) මරණීය දණ්ඩනය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ ගැටමාන්න, කඳුගොඩ ඉහළවත්තේ පදිංචිව සිටි ගාල්ලආරච්චිගේ පියතිලක (අවු.55) සහ ගැටමාන්න, කඳුගොඩ, බෝගහවත්තේ පදිංචි ගාල්ලආරච්චිගේ රුවන් තරංග (අවු.38) නමැති එකම පවුලේ සහෝදරයන් දෙදෙනකුටය.

2004 වසරේ ඔක්තෝම්බර් 31 වැනිදා බෙලිඅත්ත, ගැටමාන්න දකුණ, කඳුගොඩ ප්‍රදේශයේ පදිංචි විජේසේකර පතිරණගේ සරත් නමැති පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර ප්‍රධාන සැකකරු ලෙස ගාල්ලආරච්චිගේ පියතිලක නමැත්තා බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා රෝහලට රැගෙන යාමට ඉඩ නොදී වැළැක්වීමේ චෝදනා මත රුවන් තරංග නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි. ඝාතනයට ලක්වූ පුද්ගලයා පියතිලක නමැත්තාගේ බිරියගේ සොහොයුරෙකු වේ.

බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර නඩු පවරා තිබිණි. එම නඩුව අද (7 වැනිදා) කැඳවූ අවස්ථාවේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වරදකරුවන් වූ දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කෙරිණි.

  • අනීෂා මානගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පළාත් රාජ්‍ය සේවකයින්ගේ ස්ථාන මාරුවීම් තාවකාලිකව නවතී . . .

Thu Mar 7 , 2024
පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුඅවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x