වැල්ලවත්තේ ගාලු පාර ගිලා බසී . . .

වැල්ලවත්ත ගාලු පාරේ ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත ආරම්භ වන මංසන්ධිය ආසන්නයේ මාර්ගය ගිලා බැස තිබේ.

mawbima.lk සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය තවදුරට ත් සඳහන් කළේ, මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බව ය.

ඒ අනුව, ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කරන රියැදුරන් ලිලී ඇවනිව් අතුරු මාර්ගයෙන් මුහුදුබඩ මාර්ගයට ඇතුළු වී කොළඹ දෙසට ධාවනය කළ යුතු බව පොලිසිය පැවසීය.

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන රියැදුරන්ට සාමාන්‍ය පරිදි වැල්ලවත්ත හරහා ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

  • Anjali Withanage
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උසාවි ඇවිත් ගෙන යමින් සිටි දුම්බර රැඳ­වූවෝ 3ක් පනිති . . .

Sat Mar 9 , 2024
දුම්බර බන්ධ­නා­ගා­රයේ සිට රම්බො­ඩ­ගල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත නඩු කට­යුතු සඳහා රැගෙන ආ රැඳ­වූ­වන් තිදෙ­නකු අධි­ක­රණ කට­යුතු හමාර වී යළි බන්ධ­නා­ගාර බස­යට යොමු කර­මින් සිටි අව­ස්ථාවේ බන්ධ­නා­ගාර නිල­ධා­රී­න්ගෙන් මිදී පැන­ගොස් ඇති අතර, ඊයේ (8) කළ මෙහෙ­යු­ම­කින් පසු එක් රැඳ­වු­වකු රිදී­ගම පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. මෙසේ පලා ගිය, මනුෂ්‍ය ඝාත­න­යක් සම්බ­න්ධව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x