අඛණ්ඩ ජල සැපයුමට බාධා . . .

වියළි කාලගුණයත් සමග අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතිබව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි පැවසුවාය.දෛනික ජල ඉල්ලුම ඊට හේතුවී තිබේ.

ඇතැම් ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදීමට හෝ ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතිබව පැවසුවාය.

එලෙස සිදුවන ජල සැපයුම් බාධා සම්බන්ධයෙන් 1939 ක්ශනික ඇමතුම් අංකය හරහා පැමිණිලි ඉදිරිපත් කර හැකිය. මේවන විට දෛනිකව පැමිණිලි 2000ක් පමණ ලැබෙන බව එහිදී පැවසුවාය.

මේ අතර අඹතලේ සහ බියගම ජල පොම්පාගාර වලට ලවණ ජලය ඇතුල්වීම වැළැක්වීමට ඉදිකල තාවකාලික ලවණ බාධකය මේවන විට ඉදිකර අවසන් කර තිබේ.

කැලණි ගගේ ජල මට්ටම අඩුවීමත් සමඟ ගඟ දිගේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒම හේතුවෙන් එම ලවණ බාධකය ඉදිකර තිබේ. ඒ හේතුවෙන් එම පොම්පාගාර වල උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් පැවසුවාය.

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රි පාද මාර්ගයේ විදුලිය විසන්ධි වෙයි . . .

Sun Mar 10 , 2024
ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා රාත්‍රියේ වරින් වර විදුලිය විසන්ධි විම නිසා ශ්‍රි පාද වන්දනාකරුවන් මෙන්ම එම මාර්ගයේ පිහිටි වෙලදසැල් හිමියන් සම නල්ලතන්නිය නගරයේ සංචාරක හෝටල් හිමියන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. 08 දින රාත්‍රි 6.30 සිට අවස්තා තුනකදි මෙලෙස විදුලි බලය විසන්ධි වු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x