ලොව පැරණිතම පොසිල වනාන්තරය හමුවෙලා . . .

විද්‍යාඥයින් පිරිසක් විසින් පසුගියදා නිරිතදිග එංගලන්තයේ වෙරළ තීරයේ ගල්පරවලින් ලොව පැරණිතම පොසිල වනාන්තරය සොයාගෙන තිබේ.

ඒ සමර්සෙට් හි මයින්හෙඩ් නගරය අසල උස් වැලිගල් සහිත කඳුකර ප්‍රදේශයකිනි. .

මෙම වනාන්තරය අයත් ව ඇත්තේ වසර මිලියන 390 කට පෙර කාලයට බව වාර්තා වන අතර කේම්බ්‍රිජ් සහ කාඩිෆ් විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් වැඩිදුරටත් පවසා තිබුනේ මෙය බ්‍රිතාන්‍යයේ මෙතෙක් හමු වූ පැරණිතම පොසිල ගස් වන අතර එය පෘථිවියේ පැරණිතම වනාන්තරය බවයි.

පර්යේෂකයන්ට අනුව සොයාගත් ගස් කැලමොෆයිටන් ලෙස හඳුන්වන අතර ඒවා තල් ගස්වල ට සමානය. එසේම එහි විශාලතම ගස් වල උස ප්‍රමාණය දැක්වෙන්නේ මීටර් දෙකත් හතරත් අතරය. ඒවායේ කොළ නොතිබී ඇති අතර අතු සියගණනක් එක්ව ආවරණය වී තිබී ඇත.

ගස් ක්‍රමයෙන් වැඩෙන විට අතු දිගහැරී ඇති අතර මෙමඟින් ජීවීන්ට වනාන්තර තට්ටුවේ ජීවත් වීමට උපකාර වී ඇති බවත් බීජ දරණ ශාක පරිණාමය වීමට හේතු වී ඇති බවත් සඳහන් වේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොකු ළූණු 700ට නගී . . .

Mon Mar 11 , 2024
ලොකු ළූණු ආනයනය සඳහා රජය වහා මැදිහත්වී ඉන්දියාවෙන් රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් පාරිභෝගිකයන්ට ලොකු ළූණු කිලෝවක් රුපියල් 1,000ක් වැනි ඉහළ මිලකට ගැනීමට නොබෝ දිනකින් ම සිදුවනු ඇතැයි කොළඹ ලොකු ලූනු ආනයනකරුවෝ පවසති. තොග වෙළෙඳපොළේ ලොකු ළූණු කිලෝවක රුපියල් 580-600ක් දක්වා ඊයේ (මාර්තු 10) දින වන විට මිල ඉහළ යාමක් වාර්තා වූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x