ශ්‍රී ලංකාවේදී ප්‍රථමවරට දුලබ සැත්කමක් . . .

ශ්‍රී ලංකාවේදි ප්‍රථම වරට සුසුම්නාවේ ENDOSCOPIC සැත්කමක් සිහි නැති කිරීමකින් තොරව සිදුකිරීමට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ ප්‍රමුඛ බදුල්ල ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් සමත්වී තිබේ.

මෙම සැත්කම බදුල්ල ශික්ෂණ රෝහලේදී 11 දා සිදුකළ බවත් සැත් කමට මුහුණදුන් 72 හැවිරිදි කාන්තාව සුවසේ සිටින බවත් ස්නායු ශළ්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ පැවසීය.

මෙම කාන්තාව දීර්ඝ කාලයකසිට කොඳුඇටපේලියේ අබාධයක් නිසා දැඩිවේදනාවට හා ඇවිදීමේ අපහුතාව පත්වසිටි කාන්තාවක් බවත් ඇය හෘදරෝගියෙක් නිසා ශළ්‍යකර්මයක් සිදුකිරීමේදී අවධානම් සහිත තත්වයක් තිබූ බවත් හේවගේ අවධාරණය කළේය.

කෙසේ නමුත් අපේ රටේදී ප්‍රථම වරට සිහිනැතිකිරීමකින් තොරව සුසුම්නාවේ Endoscopy සැත්කම සිදුකිරීමට තිරණයකබවද සඳහන්කළේය.

විශේෂඥ වෛද්‍ය හේවගේ මෙසේද පැවසීය.

“මෙහිදී ඇතිවාසිය තමයි සිහිනැති කිරීමකින් තොරව රෝගියා සමග කතා කර කර එයාගේ කකුලේ වේදනාව අඩුවෙනවද කිය කියා විමසමින් සිදුකිරීමට හැකිවීම. ඒවගේම සුසුම්නාවට පහලින් තියෙන කාටලේජ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ඇති හැකියාය වැඩියි.” ඒ වගේම ඉතා කුඩා කැපුමක් පමණක් සිදුකරන  නිසා රෝගියාට ලොකු වේදානවක් ඇති නොවන බවත් කැපුම් කැලලක් ඇතිනොවන බවත් විශේෂඥ වෛද්‍ය හේවගේ වැඩිදුරටත් සඳහන්කළේය.

  • නුවන් ආරියවංශ – ඇල්ල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දියණියගේ ගීතයෙන් සංවේදී වූ ගිරිරාජ් . . .

Mon Mar 11 , 2024
අමන්ද්‍යා උත්පලීගේ ‘රැජිනට ඇන්දා වේදිකාවට’ ප්‍රසංගය පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී නිමා වුණේ ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින්. ‘රැජිනට ඇන්දා වේදිකාවට’ ප්‍රසංගයේ උත්පලී තම පියා වෙනුවෙන් ගායනා කළ මුල්ම ගීතයට ඉහළ ප්‍රතිචාර වගේම දැඩි සංවේදී බවකුත් එක් කළා. ඒ මොහොතේ මහරගම අපේක්ෂා රෝහලේ සිට දියණියගේ ප්‍රසංගය ස්ක්‍රින් තාක්ෂණය ඔස්සේ නැරඹූ ගිරිරාජ් කෞශල්‍යට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x