පියා ජනාධිපති වෙද්දි දුව ජනාධිපති ආර්යාව වෙලා . . .

පකිස්ථාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිව තිබෙනවා. ඒ අනුව පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ හැඳින්වීමට තීරණය කර ඇත.

ඝාතනයට ලක් වුණු පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ සැමියා අසීෆ් අලී සර්දාරි වේ.

අසීෆ් අලී සර්දාරිට එක් දියණියක සහ පුතෙකු සිටියි.

සාමාන්‍යයෙන් රටක ‘ජනාධිපති ආර්යාව’ යන ධුරය ජනාධිපති ධුරයට පත් වන පුද්ගලයාගේ බිරිඳට පිරිනැමෙනු ඇත.

නමුත් සර්දාරිගේ බිරිඳ මියගොස් ඇති බැවින් ‘ජනාධිපති ආර්යාව’ ධුරය දියණියට පිරිනැමීමට සර්දාරි තීරණය කර තිබෙනවා.

ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ ලෙස දියණියක පත් වූ පළමු අවස්ථාව මෙය වේ.

කෙසේ වෙතත්, ඇයට පකිස්ථාන ජනාධිපති ආර්යාවට හිමිවන සියලු වරප්‍රසාද හිමිවන බව සඳහන් වේ.

  • Krishani

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

NSBM ආයතනයට වෛද්‍ය පීඨයක් . . .

Tue Mar 12 , 2024
රජයට අයත් පූර්ණ ස්වයං මුල්‍ය උත්පාදන ආයතනයක් වන සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව විද්‍යායතනය (NSBM) විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබෙයි. එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x