NSBM ආයතනයට වෛද්‍ය පීඨයක් . . .

රජයට අයත් පූර්ණ ස්වයං මුල්‍ය උත්පාදන ආයතනයක් වන සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව විද්‍යායතනය (NSBM) විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබෙයි.

එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවාගැනීමට අපේක්ෂිත ය.

හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීම පිණිස NSBM ආයතනය විසින් අනුමැතිය ඉල්ලා ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල භාවිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින්, ඊට බලපෑමක් නොවන පරිදි NSBM ආයතනයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුවට මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා ද සම්පත් බෙදා ගැනීමේ පදනම මත හෝමාගම මූලික රෝහල වෙන් කර දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නියෝගයන්ට අනුකූලව හෝමාගම මූලික රෝහල සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට NSBM ආයතනය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව, හෝමාගම මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කිරීම පිණිස ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙළියගේ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කරයි . . .

Tue Mar 12 , 2024
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 990000/- ක මුදලක් වැය කර ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට තමන්ව එම චෝදනාවෙන් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x