කෙහෙළියගේ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කරයි . . .

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 990000/- ක මුදලක් වැය කර ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට තමන්ව එම චෝදනාවෙන් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද (12) ප්‍රතික්ෂේප කළේය.

ඉන් අනතුරුව අදාල නඩුව තවදුරටත් විභාග කිරීමට තීන්දු කළ මහාධිකරණ විසුරුවරයා එය නැවත අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙසත් නියෝග කරන ලදී.

2014 වසරේ දෙසැම්බර් මස 2 වනදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 990000/- ක මුදලක් වැය කොට දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් එවක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම නඩුව ගොනු ඇති ආකාරය නීතියට පටහැනි බවත් ඒ අනුව එය විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් සඳහන් කරමින් විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු විසින් මෙම මූලික විරෝධතාව මතුකර තිබුණි.

මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සුව සේවක උද්ඝෝෂණයක් . . .

Tue Mar 12 , 2024
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය, සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යාමේදී එයට බාධාකරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිට අද (12) පැවැත්විය මෙම  විරෝධය  දිවයින පුරා තෝරාගත් රෝහල්  17 ක් ඉදිරිපිට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x