මන්නාරම සමූහ මිනී වලේ නඩුව යළි මතුවෙයි . . .

මන්නාරම සතොස වෙළද සැල අසලින් හමු වූ සමූහ මිනී වළ සම්බන්ධයෙන් පුද්ගලයින් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම පිණිස ඔවුන්ට මැයි මස 13 වෙනිදා මන්නාරම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මන්නාරම මහේස්ත්‍රත්  කේ.එල්.එම් සජීත් ඊයේ (12)  නියෝග කළේය.

එම නියෝගයට අනුව මහාචාර්ය රාජ් සෝමදේව , මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා , පළාතේ පුරා විද්‍යා නිලධාරිවරයා, ග්‍රාම නිලධාරීවරයා  හා  යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බැලිමේ  සංගමයේ සභාපතිවරයා මන්නාරම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය.

මන්නාරම සතොස වෙළද සැල අසලින් හමු වූ සමූහ මිනී වලෙන් මිනිස් ඇට සැකිලි හා කොටස් 113 ක්    හමු වූ  අතර ඒවා මන්නාරම රජයේ රෝහලේ ගබඩා කොට තිබේ.

අධිකරණ නියෝග මත මන්නාරම සතොස සමූහ මිනි වලේ කැණීම් කටයුතු අවසන් වූ අතර එම වළද පස් යොදා වසා දමා ඇත.

තත්ත්වය මෙසේ තිබියදී යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ තොරතුරු සොයා බලන සංගමයේ නිලධාරීන් විසින් ගොණු කරණ ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා යළි එම නඩුවට අදල ප්‍රකාශ සටහන් කර ගැනීමට ඊට අදාල පාර්ශ්ව කරුවන් අධිකරණය හමුවට කැදවීමට නියෝග කළේය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගෝටාට රටින් පනින්න උදවු කලේ මමයි . . .

Wed Mar 13 , 2024
ගෝඨාභය රාජපක්ෂ ට රටේ ඉන්න බැරි වූ මොහොතේ රටින් පිටවීම සදහා තමන් උදව්කල බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. බණ්ඩාරණායක ගුවන්තොටුපොලින් ගෝඨාභය රාජපක්‍ෂ ට රටින් පිටව යාම සදහා තමන් උදව්කල ආකාරය සුගීස්වර බණ්ඩාර ඇතුලු ඇතුලේ සිටි පිරිස දන්නා බවද හිමියන් පැවසූහ. ඒ බව නොදැන පොත්වල තමන්ගේ නම සදහන් කර ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x