මැයි දින පෙළපාලි ඇරඹේ . . .

සමගි ජන බලවේගය සංවිධාන කළ සමගි මැයි රැලියට සමගාමීව පැවැත්වෙන එම පක්ෂයේ පා ගමන මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනය අසලින් මීට ටික වේලාවකට පෙර ආරම්භ වුණි. මෙවර එම පක්ෂයේ තේමාව වී ඇත්තේ “වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය” යන්නයි.

එළෙස ආරම්භ වූ පා ගමනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් වූයේ මරදාන එල්ෆින්ස්ටන් රඟහල ආසන්නයේදීය. එම පක්ෂයේ මැයි දින රැලිය ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට නියමිතය.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ආරම්භ කර තිබේ. මෙවර එම පක්ෂයේ මැයි රැලිය පවත්වන්නේ මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිටදීය.

එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින පෙළපාලිය මීට ටික වේලාවකට පෙර කොළඹ BRC පිටියෙන් ආරම්භ වුණි. ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින රැලිය කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය. එම මැයි දින පෙළපාලිය කොළඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිටට පැමිණීමට නියමිතය.

අනතුරුව පක්ෂ නායක අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඒම ස්ථානයේදී මැයි රැලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රවීණ රංගන ශිල්පි ජී. ආර්. පෙරේරා අභාවප්‍රාප්තවේ . . .

Mon May 1 , 2023
ප්‍රවීණ රංගන ශිල්පී ජී.ආර්. පෙරේරා අද (මැයි 1) අභාවප්‍රාප්ත වී තිබේ. කලක් අසනීප තත්ත්වයකින් පසු වී ඇති ඔහු මිය යන විට 84 වන වියේ පසු විය. ගල්හේනගේ රත්නපාල පෙරේරා මහතා මෙරට සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ ගෞරවාදරයට පාත්‍ර වූ විශිෂ්ට රංගධරයෙකි. ඔහු 1939 වසරේ නොවැම්බර් මස 13 වන දා කිරුළපනදී උපත ලබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x