ආනයනික බිත්තරවල ජාවාරමක් . . .

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරවල මුද්‍රා කර තිබෙන සලකුණු මකා දමා ඒවා වැඩි මිලට වෙළෙඳපොළේ විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.

රජය විසින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ලංකා සතොස ශාඛා ජාලය ඔස්සේ එක බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගික ජනතාවට අලෙවි කෙරේ. මෙම බිත්තරවල නිෂ්පාදිත දිනය ආදී තොරතුරු ඇතුළත් මුද්‍රාවක් යොදා ඇති අතර, එම මුද්‍රාව මකා ආනයනික බිත්තර වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බවත් දේශීය බිත්තර නිෂ්පාදකයෝ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී කියා සිටියහ.

මෙම මුද්‍රාව මකා දැමීම විශේෂිත උපකරණයකින් සිදුකරන බවද අනාවරණය වේ.

ලංකා සතොස විසින් ආනයනික බිත්තර සීමාවකින් තොරව අලෙවි කරන අතර, එම බිත්තර මිලදී ගන්නා ඇතැම් පුද්ගලයන් සලකුණ මකා දමා එම බිත්තරයක් රුපියල් 50ක් වැනි මිලකට අලෙවි කරන බවද පැවසේ.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සාගලගේ අයියා ලංකා බැංකුවේ සභාපති ධුරයට . . .

Fri Mar 15 , 2024
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායක ලංකා බැංකුවේ සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ. විශේෂයෙන් ම, ලංකා බැංකුව යොදවා විදේශීය ණය රජයට ලබා ගැනීමේ සැලසුමක් තිබේ දැයි එම බැංකුවේ කලමනාකාරීත්වයේ බරපතළ සැකයක් ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x