සපුගස්කන්ද තෙල් සංස්ථාවෙන් වෙන් කරයි . . .

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමින් 25%ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබන බව රජය කියයි.

අදාල පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක් පමණ කාලයක් භාවිත කිරීම පිණිස තීරණාත්මක ආයෝජනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇති අතර ඒ සඳහා අවස්ථා ආයෝජනයන් දේශීය සහ විදේශීය පුද්ගලික අංශය මගින් සපයා ගැනීමට හැකිවන පරිදි සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙනම රාජ්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ජනපතිට දැඩි බලපෑමක් . .

Tue Mar 19 , 2024
‘පාර්ලිමේන්තු මැතිවරනය මුලින් තියන්නැයි පරදින බව දන්න එජාපය සහ පොහොට්ටුව ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කරනවා’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි. පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය. ඔවුන්ගේ පැත්තෙන් නම් සාධාරණයි. මේ ජනපතිවරනයෙන් ආණ්ඩුව අන්ත පරාජයක් ලැබුවහම ඉන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x